හරියට engine oil මාරු නොකළත් වාහනේට මොකද වෙන්නේ?

Nipuna Marasinghe
time
මිනිත්තු 3 කියවීම
feature image

Engine oil නැතුව වාහනය start කරනවා කියන එක හිතන්නවත් බැරි දෙයක්. ඒවගේම තමයි එක එක වාහනයට නිර්දේශිත oil වර්ග තියෙනවා. හැබැයි ගොඩක් දෙනෙක්ට වාහනය maintain කරන්න මතක් වුණාට engine oil මාරු කරන්න නම් මතක් වෙන්නේ නැහැ. ඇත්තටම ඒකෙන් වාහනයට වෙන damage එක නම් කියලා නිම කරන්න බැහැ. ඒත් බොහෝ පිරිසක් මේ පිළිබඳව දැනුවත් නැහැ.

ඒ නිසා MotorGuide අපි අද ඔබව දැනුවත් කරන්නේ හරියට engine oil මාරු නොකළත් වාහනේට මොකද වෙන්නේ කියලා.

Engine oil මාරු නොකළොත් මොකද වෙන්නේ?

ඔබ engine oil වෙනස් නොකළහොත් ඔබට බොහෝ ගැටළු වලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ අතරින් increased wear, worse MPG, overheating, increased emissions, clogged systems, voided warranty, decreased resale value සහ potential engine failures ප්‍රධානයි. කෙටියෙන්ම කිව්වොත් engine oil වෙනස් කරන්න වැඩි කාලයක් ගැනීමෙන් ඔබට කිසිම වාසියක් නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම නිවැරදි කාල සීමාව තුළ engine oil මාරු කරන්න මතක තබා ගන්න.

Overheat වීම

Engine oil මඟින් lubricate කිරීම පමණක් නොව, engine එකේ සමහර කොටස් සිසිල් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. Race cars වල oil coolers එකක් තිබුණත්, අනෙකුත් මෝටර් රථ වල උෂ්ණත්වය පාලනය කරන්න engine oil ඉවහල් වෙනවා. Oil වෙනස් කරන්න ලොකු කාලයක් ගැනීමෙන් සිදු වෙන්නේ ඝර්ෂණය වැඩි වීමෙන් අධික තාපයක් ඇති වීමයි. අවසානයේදී engine එක breakdown වීමට පවා පුළුවන්.

ඉන්ධන කාර්යක්ෂමතාව අඩු කිරීම

නියමිත වේලාවට oil වෙනස් නොකිරීමෙන් ඔබේ ඉන්ධන පරිභෝජනය වැඩි වීම සිදු වෙනවා. තාපය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස, ගෙවී ගිය සිලින්ඩර හේතුවෙන් compression අඩුවීම සහ සිසිලනය නොමැතිකම හේතුවෙන් ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවීම සිදු වෙනවා.

කාලයත් සමඟ, මේ නිසා ඉන්ධන සඳහා යන මුදල සැලකිය යුතු ලෙස වැඩිවිය හැකි අතර සමහර විට oil මාරු කිරීමට යන මුදලට වඩා වැඩි වන්න පුළුවන්.

Emission එක වැඩි වීම

ඉන්ධන කාර්යක්ෂමතාවයේ අඩුවීම සාමාන්‍යයෙන් harmful emission එක වැඩි වීමත් සමඟ සමපාත වෙනවා. ප්‍රධාන වශයෙන් excessive engine wear හේතුවෙන් තෙල් දහනය සිදු වෙනවා.

Engine oil කුඩා ප්‍රමාණයක් සෑම විටම engine එකේ දහන කුටීරය තුලට ඇතුල් වෙනවා. නමුත් සිලින්ඩර බිත්ති වලට වැඩිපුර ගෙවී යන තරමට, වැඩි වැඩියෙන් ඇතුල් වී හානිකර ලෙස emission එක සිදු වෙනවා.

Systems අපිරිසිදු වීම

බොහෝ complex mechanisms නිසි ලෙස ක්‍රියා කිරීම සඳහා හොඳ oil flow එකක් අවශ්‍ය වෙනවා. උදාහරණ ලෙස variable valve timing, turbochargers සහ engine breathers හඳුන්වන්න පුළුවන්.

VVT හෝ Vanos systems බොහෝ විට ක්‍රියාත්මක වීමට engine's oil pressure එක භාවිතා කරනවා. මේවා අතිශයින්ම නිරවද්‍ය පද්ධති වන අතර ඕනෑම oil pressure, quality හෝ viscosity decrease ඒවාට බලපෑම් එල්ල කරන්න පුළුවන්.

Turbo damage and excess oil consumption

නවීන මෝටර් රථවල බහුලව දක්නට ලැබෙන, turbochargers බලය සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා exhaust එකෙන් පිටවෙන ශක්තිය භාවිතා කරනවා. Ford, Audi සහ Volkswagen වාහනවල තිබෙන කුඩා, high MPG-achieving engines වල නවීන ප්‍රමාණයට Turbos තමයි හේතු වෙන්නේ.

Turbos ඇදහිය නොහැකි තරම් වේගයෙන්, ඒ කියන්නේ 10,000 RPM ට වඩා වේගයෙන් කැරකීම සිදු වෙනවා. කාර්යක්ෂමව හැරීම සඳහා ඒවාට සැලකිය යුතු oil supply එකක් අවශ්‍ය වෙනවා. Oil supply එක අඩු වීම turbine එක overheat වීමට හෝ fail වීමට හේතු වෙනවා.

Performance අඩු වීම

ඔබ oil change කරන්නේ නැතුව දිගු කාලයක් ඉඳලා තියෙනවද? එහෙම ඉඳලා oil වෙනස් කළාට පස්සේ වාහනය වෙනදට වඩා හොඳින් ක්‍රියා දැනිලා නැද්ද? සරලව කිවහොත්, අලුත් engine oil සමඟ, engine එකේ කැරකෙන කොටස් සුමටව ගමන් කළ හැකි අතර එමඟින් ඔබට ඉතා හොඳ performance එකක් ලබා ගන්න පුළුවන්.

ඉතින් මේ දේවල් තමයි engine oil නිසි කාල සීමාවක් තුළ මාරු නොකළොත් ඔබට මුහුණ දීමට සිදු වෙන ගැටළු. කෙටි කාලීන ලාභය ගැන හිතලා ඔබේ වාහනයට දිගු කාලීන හානියක් සිදු කරගන්න නම් එපා. ඉතින් ඒ නිසා නිවරදි කාල සීමාවන් තුළ engine oil මාරු කරන්න වග බලා ගන්න.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!