ඔබ අතින් නොදැනුවත්ම වාහනයට සිදුවන හානි

Nipuna Marasinghe
time
මිනිත්තු 4 කියවීම
feature image

දන්නවද, නොදැනුවත්ව හරි ඔබ අතින් කොච්චර ලොකු හානියක් වුණාද කියලා? කලබල වෙන්න එපා. මේ අහන්නේ, ඔබේ වාහනය ගැන. කොච්චර හොඳින් වහනය පරිස්සම් කරන්න try කළත්, සමහර වෙලාවට දන්නෙම නැතුව ඔබ අතින් වාහනයට හානියක් වෙන්න පුළුවන්. හැබැයි, නොදැනුවත්ව හරි ඒ වගේ වැරදි නොවෙන්න වග බලා ගන්නවා නම්, අනිවාර්යයෙන්ම ලොකු කාලයක් වාහනය පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ නිසා, ඔබ අතින් නොදැනුවත්වම වාහනයට සිද්ධ වෙන හානි ගැන ඔබට කියන්න, MotorGuide අපි, අද හිතුවා.

Tyres වලට damage වීම

පාරක යනකොට, වලවල් හම්බවෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම ගොඩක් අය මේ වලවල් උඩින් වාහනය drive කරන එකත් සාමාන්‍ය දෙයක්. හැබැයි, එමඟින් වාහනයට වෙන හානිය නම්, සාමාන්‍ය විදිහට ගන්න බැහැ. High speed එකෙන් වලක් උඩින් ගියොත් වාහනයේ tyres වලට damage වෙනවා. ඒ හරහා suspension එකට, steering සහ alignment එකට හානි වෙන්න පුළුවන්. මේක වළක්වා ගන්න නම්, ඔබ යන පාර ගැන අවධානයෙන් ඉන්න ඕනේ. හදිස්සියේ හරි වලක් උඩින් යන්න වුණොත් වාහනයේ speed එක අඩු කරලා යන්න. එතකොට, වාහනයට වෙන හානිය අඩු කර ගන්න පුළුවන්.

Suspension එකට හානි වීම

Speed bump මඟිනුත් වාහනයේ steering එකට, suspension එකට සහ alignment එකට negative effect එකක් ඇති කරනවා. මේකෙන් ලොකු damage එකක් වෙන්නේ, high speed drive කරනවා නම්. Speed bumps වල අරමුණ වෙන්නේ, drivers ලා සහ pedestrians ලාව ආරක්ෂිතව තියාගන්න එක. ඒ නිසා ඔබ නොදැනුවත්ව හරි speed bump එකක් ළඟදි high speed යන්න එපා. එතනදි අඩු speed එකෙන් ගියොත්, ඔබට වාහනය පරිස්සම් කර ගන්න පුළුවන්.

Transmission ගැටළු ඇති වීම

වාහනය park කරන හැම වෙලාවකම parking brake භාවිතා කරන්න ඕනේ. Transmission එකට වාහනය park කරලා තියෙනකොට, move වෙන එක නවත්වන්න පුළුවන්. හැබැයි, wheels lock කරලා තියාගන්න බැහැ. ඒකට තමයි parking brake තියෙන්නේ. ඒ නිසා, වාහනය park gear එකට දාන්න කලින් parking brake යොදන්න. එතකොට transmission එකේ ඇති වෙන ගැටළු අඩු කර ගන්න පුළුවන්.

වාහනයේ කොටස් overheat වීම

වාහනයේ fuel system එකේ coolant එකක් විදිහට gasoline ක්‍රියා කරනවා. සමහර විට ඔබ ඒ ගැන දැනුවත් නැතුව ඇති. මේ හේතුව නිසා, tank එකේ fuel අඩු වෙනකොට, වාහනයේ කොටස් overheat වෙන්න වගේම අක්‍රීය වෙන්නත් පුළුවන්. Fuel සම්පූර්ණයෙන්ම ඉවර වුණොත්, වාහනයේ fuel pump එක, fuel system එක සහ catalytic converter එක damage වෙනවා. ඒ නිසා, fuel tank එක ගැන අවධානයෙන් ඉන්න.

Brake overheat වීම

බෑවුම් සහිත කන්දක පහළට යනකොට නැත්නම් traffic එකේදි brake pedal එක මත කකුල තියාගෙන හිටියොත් brake overheat වෙනවා. එහෙම වුණාම brake එකේ stopping power එක නැති වෙනවා. ඒ නිසා, ඒ වගේ තැන් වලදි lower gear එකකට මාරු වෙලා drive කරන්න. Speed එක අඩු කරන්න, brake යොදනවා වෙනුවට acceleration එකට ඉඩ දෙන්න.

Engine එකට හානි වීම

Engine එක දිගටම start කරලා තිබුණොත් ඒක engine එකට ලොකු හානියක් කරනවා. මොකද oil circulation එකත් එක්ක lubricate කරන්න time එකක් නැති engine කොටස් අනවශ්‍ය විදිහට හානි වෙන නිසා. Engine එක start කරලා, විනාඩි කිහිපයක් idle කිරීමට ඉඩ දීමෙන්, engine එක warm up කරන්න වගේම oil circulate එකටත් උදව් වෙනවා.

Fuel economy එකට බලපෑම් ඇති කිරීම

Trip එකක් යනකොට නැත්නම් තවත් තැනකට බඩු transport කරනකොට ඔබ වාහනයට අමතර ලොකු බරක් පටවනවා. ඒ දේවල් වලට අමතරව අනවශ්‍ය දේවලුත් වාහනයේ තියෙන්න පුළුවන්. මේ හැම අමතර බරක්ම fuel economy එකට බලපානවා. ඊට අමතරව suspension, drivetrain සහ brake parts වලට හානි කරනවා. ඒ නිසා, නොදැනුවත්ව හෝ අනවශ්‍ය දේවල් වලින් වාහනයට බරක් දෙන්න එපා.

Transmission system එකට හානි වීම

සමහර වෙලාවට ඔබ තියෙන හදිස්සියට කලබලෙන් වාහනය drive කරන අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි ඔබ දන්නවද, එමඟින් වාහනයට ලොකු හානියක් වෙනවා කියලා? තියෙන කලබලේට gear මාරු කරන එකෙන් වෙන්නේ වාහනයේ transmission system එකට හානි වෙන එක. Transmission system එක වාහනය චලනය වෙන එක නවත්වන්න gear අතර smooth විදිහට මාරු වෙනවා. ඒ නිසා, gear මාරු කරන්න කලින් සම්පූර්ණ නැවතුමට එන බවට ඔබ වග බලා ගන්න ඕනේ.

වාහනයට අලාභ හානි වීම

සමහර වෙලාවට ඔබ dashboard එකේ තියෙන warning lights ගැන ඒ තරම් සැළකිල්ලක් දක්වන්නේ නැහැ. මේකෙන් වාහනයට හානි වෙනවට අමතරව ඔබටත් එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. මතක ඇතුව dashboard එකේ තියෙන check engine light, battery, coolant, airbag සහ oil warning lights ගැන අවධානය යොමු කරන්න.

දැක්කා නේද? සමහර වෙලාවට ඔබේ වාහනයට හතුරෙක් වෙන්නේ ඔබම තමයි. දැන් ඉතින් දන්නවනේ, නොදැනුවත්වම ඔබ අතින් වාහනයට වෙන්න පුළුවන් හානි මොනවද කියලා. ඒ නිසා මීට පස්සේ, ඒ ගැන අවධානෙන් ඉන්න. එතකොට නොදැනුවත්වම ඔබ අතින් වාහනය පරිස්සම් වෙයි.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!