ටයර් එකට නයිට්‍රජන් ගහන්න ඕනෙමද?

Nipuna Marasinghe
time
මිනිත්තු 2 කියවීම
feature image

වාහනයකට අත්‍යවශ්‍යම දෙයක් තමයි ටයර් කියන්නේ. අපිට කවදාවත් වාහනයක් ටයර් නැතුව drive කරන්න බැහැ. හැබැයි වාහනයක් පදවන්න මේ ටයර් වලට නියමිත ප්‍රමාණයට වායු පුරවන්න ඕනේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වාහනයේ ටයර් වලට නයිට්‍රජන් වායුව ගහන්නම ඕනෙද කියන එක. ඔන්න MotorGuide අපි අද ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ අරන් ආවා. මොකද අද අපි කියන්නේ වාහනයේ ටයර් එකට නයිට්‍රජන් වායුව ගහන්නම ඕනෙද කියන එක ගැන.

ටයර් වලට fill කරන්න පුළුවන් වායු වර්ග

අපිට ටයර් එකට fill කරන්න පුළුවන් වායු වර්ග දෙකක් තියෙනවා.

ඒ අනුව අපිට සාමාන්‍ය වායුව සහ නයිට්‍රජන් වායුව ටයර් එකට fill කරන්න පුළුවන්.

නයිට්‍රජන් වායුව කියන්නේ

අපේ ස්වාභාවික පරිසරයේ වාතයේ පරිමාවෙන් 78% ක්ම තියෙන්නේ නයිට්‍රජන් වායුව. වාතයේ සංඝටකයක් ලෙස හියුමස් වගේ කාබනික ද්‍රව්‍ය වලත් ඇමෝනියම් සංයෝග වලත් සංඝටක මූල ද්‍රවයක් විදිහට තමයි නයිට්‍රජන් පවතින්නේ. මේ නයිට්‍රජන් වායුවේ භෞතික ගුණ කිහිපයක් තියෙනවා. ඒ තමයි,

  • නයිට්‍රජන් වායුවේ වර්ණයක් නැහැ
  • ගන්ධනයක් නැහැ
  • නයිට්‍රජන් සුළු වශයෙන් දිය වෙනවා
  • වාතයට වඩා මදක් සැහැල්ලුයි

නයිට්‍රජන් වායුව භාවිතා වන අවස්ථා.

  • රසායනික පොහොර නිපදවන්න භාවිතා කරනවා.
  • උෂ්ණත්වමාන පිරවීම
  • වාහන වල ටයර් වලට පිරවීමට
  • ද්‍රව නයිට්‍රජන් අධි සිසලන කාරකයක් ලෙස භාවිතා කිරීමට.

සාමාන්‍ය වායු ටයර් වලට හොඳයිද?

අපි සාමාන්‍යයෙන් ටයර් එකට යොදන සාමාන්‍ය වායුවේ නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන් වගේ වායු වර්ග සහ ජල වාෂ්ප තියෙනවා. ජල වාෂ්ප සහ ඔක්සිජන් අඩංගු මේ සාමාන්‍ය වායුව ටයර් වල‍ට දැමීම මගින් rim එකට බලපෑම් ඇති කරනවා. සාමාන්‍ය වායුව ටයර් එකට දැමීමෙන් පසුව එහි තියෙන ඔක්සිජන් වායුව ක්‍රමයෙන් ඉවත් වෙනවා. හැබැයි හිරු රශ්මිය තියෙන වෙලාවක වායුවේ තියෙන ඔක්සිජන් ඉක්මනින් ඉවත් වෙනවා. ඒ නිසා ටයර් වලට සාමාන්‍ය වායුව දැමීම මගින් නයිට්‍රජන් වායුව දැමීම තරමටම සාර්ථක ප්‍රතිඵල අපිට ලබා ගන්න බැහැ.

නයිට්‍රජන් පිර වූ ටයර්වල වාසි මොනවාද?

නයිට්‍රජන් වායුව ටයර් වලට පිරවීම මඟින් සාමාන්‍ය වායුව පිරවීමට වඩා වාසි ලබා ගන්න පුළුවන්.

  • හුලං ගැසීමේ interval එක අඩු වෙනවා
  • ටයරයේ ආයු කාලය වැඩි කිරීම
  • ඉන්ධන පිරිමැස්ම වැඩි කරනවා
  • වාහනය හොදින් හැසිරවීම හැකි වීම

නයිට්‍රජන් පිරවීමේදී සැළකිය යුතු කරුණු

ඔයා වාහනයේ ටයර් වලට නයිට්‍රජන් පුරවන්න කලින් සළකා බලන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. ටයර් එක තුළ සාමාන්‍ය වායුව තියෙනවා නම් ඒකටම නයිට්‍රජන් වායුව පිරවීම සුදුසු වන්නේ නැහැ. සාමාන්‍ය වායුව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තමයි නයිට්‍රජන් වායුව පුරවන්න ඕනේ. ඒ වගේම ඔයාගේ වාහනයේ ටයර් වලට අවශ්‍ය තරමට පමණක් නයිට්‍රජන් වායුව පිරවීමට සැළකිලිමත් වෙන්නත් ඕනේ.

ඔයත් මෙච්චර කල් ටයර් වලට පිරෙව්වේ සාමාන්‍ය වායුවද? ඔයාට පුළුවන් නම් අදම ඒ දේ නවත්වලා ටයරයේ ආයු කාලය වැඩි කරන නයිට්‍රජන් වායුව පුරවන්න පුරුදු වෙන්න. එහෙම කළොත් ඔයාට වාසි ගොඩක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මතක් කරලා අපි කියපු කරුණු ගැනත් අවධානයෙන් කටයුතු කරන්න

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!