වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධානම හේතු

Nipuna Marasinghe
time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක හිමිකරුවන් වෙන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වාහනය මිස් කරනවා කියන්නේ. ඔයාගේ වාහනයත් මිස් කරනවාද? වාහනයක් මිස් කළත් සමහර අය නම් දන්නේ නැහැ ඇයි වාහනයක් මිස් කරන්නේ කියලා. වාහනය මිස් කළොත් ඒකට පිළියම් සොයාගන්න නම් අපි ඒකට බලපාන හේතු ගැන අනිවාර්යෙන් දැන ගෙන ඉන්න ඕනේ. අන්න ඒ නිසාම MotorGuide අපි අද ඔයාට කියන්නේ වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධානම හේතු ගැනයි.

වාහනය මිස් කරන්නේ කොහොමද?

වාහනයේ accelerator pedal එක පෑගුවාම engine එක ක්‍රියාත්මක වෙලා වාහනයේ වේගය වැඩි කරනවා. වාහනයේ ඉන්ධන බෙදා හැරීමේ පද්ධතිය හොඳින් ක්‍රියා කරන්නේ නම් එය අනිවාර්යෙන් සිදු වෙනවා. කොහොම වුණත් මේ පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔයාගේ වාහනය මිස් කරන්න ඉඩ තියෙනවා.

වාහනය මිස් වෙන්න ඉඩ තියෙනවා නම්,

වාහනයට engine එකෙන් විශාල කාර්යක් සපයනවා. වාහනයක් මිස් වීමට ඉඩ තියෙනකොට වාහනය drive කරන එක හොඳ දෙයක් නෙවෙයි. එය ඔයාට වගේම මාර්ගයේ ගමන් කරන අනෙක් අයටත් අනතරු සිදු වෙන්න පුළුවන්. වාහනයේ ස්පාර්ක් ප්ලග්, වයර් දිනපතා පරික්ෂා කිරීම මෙයට හොඳම විසඳුමයි.

වාහනයක් මිස් කරන හේතු

වාහනයක් මිස් කරන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. ඒත් වාහන මිස් කරන්න බලපාන ප්‍රධානම හේතු තුන ගැන දැනගෙන හිටියොත් ඔයාට පුළුවන් වෙයි වාහනය මිස් කළොත් ඉක්මණටම ඒකට පිළියම් යොදන්න. ඉතින් අපි බලමු වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධානම හේතු තුන මොනවාද කියලා.

දෝෂ සහිත ඉන්ධන පොම්පය

වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධානම හේතු වලින් එකක් තමයි දෝෂ සහිත ඉන්ධන පොම්පය කියන්නේ. වාහනයේ තියෙන ඉන්ධන පොම්පය ගොඩක් පරණයි නම් ඒකේ pressure එක අඩු වෙනවා. එතකොට ඉන්ධන පොම්පය මනාව ක්‍රියා වෙන්නේ නැති නිසා අවශ්‍ය පීඩනයෙන් engine එකට අවශ්‍ය ඉන්ධන ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. අපි මාර්ගයේ ගමනක් යනකොට වාහනය නැවතුණොත් ඉන්ධන පොම්පය ක්‍රියා වෙනවද කියලා බලාගන්න අපිට පුළුවන්. ඉන්ධන ටැංකියේ මූඩිය විවෘත කරලා හොඳට ඇහුම්කන් දෙන්න. ඉන්ධන පොම්පය ක්‍රියා වෙනවා නම් එකෙන් ශබ්දයක් පිට වෙනවා.

Plug වල දුර්වල ක්‍රියාකාරීත්වය

Plug වල දුර්වල ක්‍රියාකාරීත්වය කියන්නේ වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධාන හේතුවක්. Plug වාහනයක අත්‍යවශ්‍ය කොටසක්. Plug ගොඩක් දවසකින් සුද්ද කරලා නැත්නම් ඒවා වල කාබන් සහ oil තැවරෙන්න පුළුවන්. එතකොට Plug වල දුර්වල ක්‍රියාකාරීත්වය නිසා වාහනය මිස් වෙනවා. මේ වගේ අවස්ථාවල අපි කරන්න ඕනේ plug ගළවාගෙන වැලි කඩදාසියක් භාවිතා කරලා හොඳින් පිරිමැද නැවතත් ඒ plug සවි කරන්න.

Plug wire කැඩී තිබීම

වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධාන හේතු වලින් තවත් එකක් තමයි plug wire කැඩී තිබීම නැත්නම් බුරුල් වී තිබීම කියන්නේ. මේ විදිහට plug wire කැඩී තිබීම නැත්නම් බුරුල් වී තිබීමේදී වාහනය මිස් කරන්න ඉඩ තියෙනවා. මේ වගේ plug wire බුරුල් වෙලා තියෙනකොට ඒවා ගලවලා නැවත හොඳින් සවි කරන්න. මේ plug wire ගලවන්න ඕනේ ටිකක් පරිස්සමින්. මොකද plug wire plug socket වලට සවි කරලා තියෙන නිසා.

අපි දැන් බලමු වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධාන හේතු වලට අමතර හේතු මොනවාද කියලා.

  • ඉන්ධන injectors
  • අදින ලද පිස්ටන් මුදු
  • Gasket කාන්දු වීම
  • සම්ප්රේෂණ ගැටළුව
  • Clutch එකට හානි වීම
  • Brake pads ඇලවීම
  • Battery එකේ තත්වය

මේ තමයි වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධානම හේතු. ඉතින් ඔයත් ඔයාගේ වාහනයේ මේ දේවල් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. එතාකොට ඔයාට පුළුවන් වෙයි වාහනය මිස් වෙන්න දෙන්නේ නැතුව drive කරන්න.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!