සල්ලි ඉතුරු කරන වාහන රහස්

Nipuna Marasinghe
time
මිනිත්තු 3 කියවීම
feature image
ඔයත් වාහනයක හිමිකරුවෙක්ද? ඔයත් සල්ලි ඉතුරු කරන කෙනෙක්ද? සල්ලි ඉතුරු කරන්න ඕන වුණත්, වාහන තියෙන ගොඩක් අය මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ තමයි වාහනයේ නඩත්තු කටයුතු නිසා කොහේ ඉතුරු කරන්නද කියලා. වාහනය නඩත්තු කරන්න සල්ලි වියදම් කරලා ඔයාටත් ඇති වෙලා නේද ඉන්නේ? අන්න ඒ නිසාම MotorGuide අපි අද ඔයාට කියන්නේ සල්ලි ඉතුරු කරන වාහන රහස් කිහිපයක් ගැනයි.

වාහනයේ oil ඉතුරු කරගෙන සල්ලි ඉතුරු කරන්නේ කොහොමද?

වාහනයේ accelerator pedal එක හරියට use කරන්න

වාහනයේ තියෙන accelerator pedal එක මඟින් අපිට පුළුවන් ඉන්ධන ඉතුරු කරගන්න. Accelerator pedal එක හයියෙන් පාගන්නේ නැතුව හිමින් පෑගීම මඟින් ඔයාට ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ විදිහට සිදු කිරීම මඟින් ඔයාට වඩාත් කාර්යක්ෂමව වාහනය drive කරන්න පුළුවන්. ඒ නිසා වාහනයක් drive කරනකොට rpm අගය ක්‍රමානුකූලව තියාගන්න.

ටයර් වලට නියමිත ප්‍රමාණයට වායු පුරවා තියාගන්න

වාහනයක ගමන් කරන්න නම් ටයර් වලට අනිවාර්යෙන් වායු පුරවන්න ඕනේ. ප්‍රමාණවත් ලෙස වායු පුරවා නැති ටයර් වලට පාරේ ගමන් කිරීමේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේ විදිහට ප්‍රතිරෝධය වැඩි වෙන කොට වාහනයේ ඉන්ධන පරිභෝජනයත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් වාහනයේ සියලුම ටයර් වල වායුව psi 10 කින් අඩු වෙලා නම් ඉන්ධන කාර්යක්ෂමතාවද 10% දක්වා අඩු වෙනවා. ඒ නිසා වාහනයේ ඉන්ධන ඉතුරු කරගන්න හැම වෙලාවකම ටයර් වලට නියමිත ප්‍රමාණයට වායු පුරවා තියාගන්න.

වාහනයේ trunk එකේ බර අඩු කරන්න

ගොඩක් අය යන ගමනට ඕනේ එකයි ඕනේ නැති එකයි ඔක්කොම දේවල් වාහනයේ trunk එකේ දාලා වාහන drive කරන එක පුරුද්දක් කරගෙන තියෙනවා. මේක ගැන නම් දෙවරක්වත් හිතන්න ඕනේ. මොකද වාහනයක අනවශ්‍ය තරමට බර වැඩි වුණාම ඉන්ධන වැඩි වශයෙන් පරිභෝජනය වෙනවා. වාහනයක බර වැඩි වන සෑම කිලෝග්‍රෑම් 50 කට ඉන්ධන පරිභෝජනය 2% කින් වැඩි වෙනවා. මේ නිසා වාහනයට අවශ්‍ය හදිසි අමතර කොටස් විතරක් trunk එකේ තියාගෙන වාහනය drive කරන්න උත්සහ කරන්න.

AC අවශ්‍ය වෙලාවට on කරන්න

ඔයා වාහනය drive කරන්නේ windows පහත් කරගෙනද? ඉන්ධන පරිභෝජනය වැඩිවෙන්න මේකත් ලොකු හේතුවක්. මොකද පැයට 80kmට වඩා වේගයෙන් ජනේල පහත් කරගෙන ගමන් කිරීමේදී සුළං ප්‍රතිරෝධයක් ඇති කරනවා. ඒ වගේම තමයි වාහනය වැඩි ඉන්ධන පිරිවැයක් දරනවා. මේ නිසා පැයට 80kmට වඩා වේගයෙන් යනවා නම් වාහනයේ windows වහගෙන AC සමඟ drive කරන්න. එතකොට ඔයාට පුළුවන් වෙනවා ඉන්ධන පරිභෝජනය අඩු කරගන්න. ඒ වගේම තමයි ඔයා වාහනයේ ගමන් කරන්නේ පැයට 30km පමණ වේගයකින් නම් AC off කරලා නම් වාහනයේ windows ටික පහත් කරගෙන යන්න.

දිගු වේලාවක් වාහනය start කරලා තියන්න එපා

ඔයාගේ ගෙදර කෙනෙක් නැත්නම් යාලුවෙක් වගේ කවුරු හරි කෙනෙක් එනකන් වාහනය start කරගෙන බලාගෙන ඉන්නවා නම් අදම ඒ දේ නවත්වන්න. වාහනයක් ගමන් කරන්නේ නැත්නම් විනාඩියක කාලයක් තුළ engine එක ක්‍රියාවිරහිත කරන්න. වාහනය ගමන් කරන්නේ නැතුව engine එක ක්‍රියාත්මක වී තියෙනකොට ඉන්ධන දහනය වෙනවා.

අවශ්‍ය කාලයේදී engine එක service කරන්න

අවශ්‍ය කාලයේදී engine එක service කිරීම සිදු කරන්න ඕනේ. විශේෂයෙන්ම engine oil සහ air filter මාරු කරන්න ඕනේ. ඒ මඟින් engine එකේ ඉන්ධන කාර්යක්ෂමතාව පවත්වා ගන්න පුළුවන්.

වාහනය ආරක්ෂා කරගෙන සල්ලි ඉතුරු කරගන්නේ කොහොමද?

Neutral යන්න එපා

වාහනයක් drive කරන අය කරන ලොකු වැරැද්දක් තමයි වාහනයේ oil ඉතුරු කරගන්න කියලා වාහනය neutral වලට දානවා. මේ දේ කවදාවත් සිදු කරන්න එපා. මොකද එතකොට වාහනයේ රෝද හතර කැරකෙන්න engine එකේ සහයක් ලැබෙන්නේ නැහැ. මේ විදිහට සිදු කිරීම මඟින් අනතුරු සිදු වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ නිසා වාහනයට වන අනතුරු වළක්වාගෙන සල්ලි ඉතුරු කරගන්න ඔයා neutral ගමන් කරන්න එපා. ඉතින් ඔයත් මේ විදිහට වාහනය ආරක්ෂා ගෙන ඒ වගේම oil ඉතුරු කරගෙන සල්ලි ඉතුරු කරන්න. ඒ නිසා ඔය අනිවාර්යෙන් මේ දේවල් try කරලා බලන්න. එතකොට ඔයාට පුළුවන් වෙයි වාහනයත් හොඳට තියාගෙන සල්ලිත් ඉතුරු කරන්න.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!