Jump start එක හරියට කරන්නේ කොහොමද?

Nipuna Marasinghe
time
මිනිත්තු 2 කියවීම
feature image

වාහන කියන දේවල් කොයි වෙලාවේ නවතියද කියලා අපිට කියන්න බැහැ. වාහනයේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම අපිට පුලුවන් වාහන කර්මිකයෙක්ට දීලා වාහනය හදා ගන්න. නමුත් කිසියම් හේතුවක් නිසා වාහනයේ battery එක dead වෙලා තිබ්බොත් අපි කොහොමද නැවත වාහනය start කරගන්නේ? ඒකටතමයි Jump start තියන්නේ. අද MotorGuide තුළින් අපි ඔයාට කියන්නේ කොහොමද හරියටම Jump start එකක් කරන්නේ කියලා.

වාහනය start නොවන හේතු

බැටරිය නිසා වාහනය start වෙන්නේ නැති වෙන්න හේතු හතරක් තියෙනවා.
1. බැටරියේ terminal බුරුල් වීම
2. බැටරියේ terminal එකේ oxide බැඳීම
3. Battery වතුර නැති වීම
4. Battery charge එක බැස තිබීම

මේවා ගැනත් හිතන්න

Battery එක බැහැලා තියෙන අවස්ථාවකදී අපිට battery එක charge කරන්න පුලුවන්. එහෙමත් නැත්නම් Jump start කරන්න පුලුවන්. Jump start එකක් කරනකොට අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කීපයක්ම තියෙනවා.
1. හොඳ jumper cable එකක් තෝරාගන්න
2. වාහනයේ battery එකේ ampere ගානට match වෙන cable එකක් තෝරාගන්න
3. Jump start කරන වාහනයට ගැළපෙන ampere ප්‍රමාණයක් ඇති වාහනයක් තෝරාගන්න

හරියට jump start කරමු

Jump start එකක් කරනකොට අපි හරියටම දැනගන්න ඕනේ. Jump start එකක් කරන්න අපිට charge කරපු battery එකක් හෝ වාහනයක් අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු wire connection හරියටම සම්බන්ධ කරන විදිය ගැන. මුලින්ම charge තියෙන battery එකේ ධන සැපයුම battery එක බැහැලා තියෙන වාහනයේ ධන terminal එක සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ charge තියෙන battery එකේ ඍණ සැපයුම battery එක බැහැපු වාහනයේ engine එකේ බඳට සම්බන්ධ කරන්න. ගොඩක් අය කරන වැරද්දක් තමයි ඍණ සැපයුම battery බැහැපු වාහනයේ ඍණ සැපයුමට සම්බන්ධ කරන එක.

ඒ වගේම ගොඩක් අය jumper cables සම්බන්ධ කරපු ගමන් battery එක dead වුණු වාහනය start කරනවා. නමුත් ඒක වැරදි ක්‍රමයක්. Jumper cables සම්බන්ධ කරලා සහයට ආවා වාහනය විනාඩි 5ක් වත් start කරලා තියන්න ඕනේ.
ඔබ වාහනය පනගන්වන්න හදන්නේ battery එකක් ආදාරයෙන් නම් jumper cables සවි කරලා විනාඩි 5ක් වත් ඉඳලා තමයි වාහනය start කරන්න ඕනේ. මොකද එතකොට ආරෝපණය වෙලා තියෙන battery එකෙන් වාහනය යම් දුරකට charge වෙනවා.

මේ විදියට තමයි හරියටම Jump start එකක් කරන්නේ. ඔයත් මෙච්චර දවස් වැරදි විදියට Jump start කලානම් අද ඉඳලා හරි ක්‍රමයට මාරු වෙන්න අමතක කරන්න එපා. මොකද එතකොට ඔයාට පුලුවන් ඔයාගේ වාහනයේ විදුලි පරිපථය වගේම බැටරි එකත් තව දුරටත් ආරක්ෂා කරගන්න.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!