AC එක service කළ යුතු කාල සීමාව මොකක්ද?

Nipuna Marasinghe
time
මිනිත්තු 2 කියවීම
feature image

වාහනේ service කළාද? වාහනේ service කරන්න ඕනෙ කාල සීමාව ගැන නම්, ඔබට අදහසක් තියෙනවා. 5000 km ක් දුවලා නැත්නම් මාස 6 කට පස්සෙ අනිවාර්යයෙන්ම ඔබ වාහනේ service කරනවා. හැබැයි වාහනේ AC එක service කරන්නත් ඒ වගේ කාලයක් තියෙන ඔබ දැනගෙන හිටියද? ඔව් අපි අද MotorGuide කතා කරන්නෙ, AC එක service කරන්න ඕනෙ කාල සීමාව ගැන. AC එක වැඩ කරන්නෙ කොහොමද?

වාහනයේ AC පද්ධතිය අනිවාර්ය කොටස් පහකින් සමන්විත වෙනවා:

  • Refrigerant (the gas) - ශීතකාරක (ගෑස්)
  • Compressor (which contains the refrigerant) - සම්පීඩකය
  • Condenser
  • Receiver - ග්‍රාහකය
  • Thermal expansion valve - තාප විස්තාරණ කපාටය
  • Evaporation coils - වාෂ්පීකරණ දඟර

AC එක on කළාම ගෑස් එක, condenser වෙත ගමන් කරනවා. වායුගෝලයේ සිට නැවුම් වාතය සිසිලනකාරකය හරහා ගමන් කරනවා. ඒ මඟින් උෂ්ණත්වය පහත වැටී වායුව (ගෑස් එක), ද්‍රවයක් බවට පත්වෙනවා. ඒ ද්‍රව, Thermal expansion valve කරා ළඟා වීමට පෙර අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කරන receiver හරහා ගමන් කරනවා. ද්‍රවයේ flow එක සකස් කිරීමෙන් උෂ්ණත්වය පාලනය කරන්න valve එක ඔබට ඉඩ ලබාදෙනවා. එවිට, evaporation coils හරහා ද්‍රව ගමන් කරන විට, වාෂ්ප බවට පත්වන අතර පසුව cool වාතය විදියට වාහනය තුළට එනවා. මේ අවස්ථාව වෙනකොට, ශීතකාරකය නැවතත් වායුවක් බවට පත් වී ඇති අතර ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීම සඳහා compressor වෙත ආපසු එනවා.

AC එකට කොච්චර වතාවක් ගෑස් ඕනෙද?

සාමාන්‍යයෙන් වාහනයේ AC එකට වසර දෙකකට වරක් නැවත ගෑස් යොදන්න ඕනෙ. මේකට හේතුව, සෑම වසරකම වාහනයේ AC පද්ධතියෙන් ගෑස් 10% ත් 15% ත් අතර ප්‍රමාණයක් permeates වන නිසා. AC service එක මඟින් AC පද්ධතියේ දෝෂ ඉවත් කරගන්න පුළුවන්. මේක recommend කරන්නෙ, AC පද්ධතියේ අංගයන්, බැක්ටීරියා වර්ධනය වීමට හොඳ ප්‍රදේශයක් වන අතර එමඟින් නරක ගන්ධයන් ඇතිවන නිසා. ඒ වගේම ඔබේ වාහනයේ AC පද්ධතියේ බැක්ටීරියා ගොඩනැගීම නොසළකා හැරීම අහිතකර අසාත්මිකතාවන් ඇති කරන්න පුළුවන්.

AC එක re-gas කරන්න කොච්චර කල් ගත වෙනවද?

වාහනයේ AC පද්ධතියේ දෝෂයක් නැත්නම්, re-gas කරන්න සාමාන්‍යයෙන් විනාඩි 45 ක් පමණ ගතවෙනවා. හැබැයි AC පද්ධතියේ මොනවා හරි දෝෂයක් තියෙනවා නම්, AC එක re-gas කරන්න විනාඩි 45 ට වඩා වැඩි වෙලාවක් ගත වෙන්න පුළුවන්.

AC එක වැඩ කරන්නැත්තෙ ඇයි?

වාහනයේ AC වැඩ නොකරන්න හේතු කිහිපයක් තියෙනවා. නමුත් බොහෝ දුරට AC වැඩ නොකිරීමට බලපාන ප්‍රධාන හේතුව තමයි, පද්ධතියේ ගෑස් නොමැති වීම. විකල්පයක් විදියට, කොතැනක හෝ කාන්දුවක් තියෙනවා නම්, පුහුණු කාර්මිකයෙක් විසින් පරීක්ෂා කිරීම අවශ්‍ය වෙනවා.

ඉතින් මේ කියපු විදියට නියමිත කාලයට ඔබේ වාහනයේ AC එකත් service කරන්න අමතක කරන්න එපා. එතකොට ඔබට හැමදාම AC එකටත් ප්‍රශ්නයක් නැතුව cool එකේ වාහනෙන් ඕන ගමනක් යන්න පුළුවන්.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!