Service Centre එකක් තෝරා ගැනීමේදී සළකා බැලිය යුතු කරුණු

Nipuna Marasinghe
time
මිනිත්තු 3 කියවීම
feature image

අපි හැමෝම වාහනයක් ගන්නේ ගොඩක් ආසාවෙන්. ඉතින් මේ විදිහට ආසාවෙන් ගත්ත වාහනය අපි පරිස්සම් කරන්න දැනගන්න ඕනේ. ඒ වගේම හරියට නඩත්තු කළේ නැත්නම් අලුතෙන්ම ගත්ත වාහනය වුණත් ඉක්මනින්ම ලෙඩ වෙන්න පුලුවන්. වාහනයක් හරිහැටි නඩත්තු කරනකොට Service කිරීමත් අනිවාර්යයෙන්ම කරන්න. සමහර අවස්ථා වලදී වාහනය ගෙදරදීම service කරන්න පුලුවන් වුණත් අපි අනිවාර්යයෙන්ම යම්කිසි කාලසීමාවකට සැරයක් service center එකකට ගිහින් වාහනය service කිරීම අනිවාර්යය වෙනවා. ඒ නිසා MotorGuide අපි අද කියන්නේ Service center එකක් තෝරා ගැනීමේදී සළකා බැලිය යුතු කරුණු මොනවද කියලා.

Authorization status එක

විශාල මුදලක් යට කරලා ගත්ත වාහනය service කිරීමේදී ඔබ අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕනේ දෙයක් තමයි, ඔබ තෝරාගත් service center එකේ Authorization status එක. හැබැයි අවාසනාවකට ගොඩක් දෙනෙක් මේ කරුණ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ.

Authorized service center එකක් හා independent workshop එකක් තෝරා ගන්නා විට දෙකේම එකිනෙකට වෙනස් වාසි සහ අවාසි තිබුණත් අනිවාර්යයෙන්ම Authorization status එක බලන එක ගොඩක් වැදගත්.

මොකද standard එකක් තියෙන authorized service center එකක් තෝරා ගැනීම, ඔබේ වාහනය නැවත විකිණීමේදී හොඳ වටිනාකමක් ලබා ගැනීමට උපකාරී වෙනවා.

Customer reviews බලන්න

අපි ඕනෙම දෙයක් මිලදී ගන්න ගියාම customer reviews බලන්න අමතක කරන්නේ නැහැ. මොකද යාලුවෙක් එහෙම නැත්නම් වැඩිපුර පිරිසක් recommend කරපු service එකක්, product එකක් ලබා ගන්න තමයි අපි හැම වෙලාවෙම උත්සහ කරන්නේ. හැබැයි අපි මේ පුරුද්ද වාහන service කරන්න, service center එකක් තෝරා ගන්නකොට ඒ තරම් තැකීමක් කරන්නේ නැහැ. ඒක ඇත්තටම අපි අතින් වෙන ලොකු වැරද්දක්. ඒ නිසා අදින් පස්සේ ඔබ service center එකක් තෝරා ගන්නකොට customer reviews ගැනත් අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

තියෙන්නේ කොහෙද?

ඔබේ වාහනය සඳහා service center එකක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් තමයි service center එක පිහිටා තිබෙන ප්‍රදේශය. Service center එක ඔබගේ නිවසට හෝ සේවා ස්ථානයට සමීප වන තරමට ගොඩක් හොඳයි.

මොකද එතකොට ඔබට වාහනය service කරන අතරතුර පරීක්ෂා කිරීමට පහසු වෙනවා වගේම transport fee එකත් ඉතුරු වෙනවා.

වැඩ කරන දවස් සහ කාලය

ඔබ තෝරාගන්න Service center එකේ වැඩ කරන දින සහ වේලාවන් එහි පිහිටීම තරම්ම වැදගත් වෙනවා. ඒ නිසා ඔබ Service center එකක් තෝරා ගන්නා විට සතියේ දින තුළ එහි වැඩ කරන වේලාවන් පරීක්ෂා කරන්න. ඒ වගේම සති අන්තයේ අවම වශයෙන් එක් දිනක්වත් විවෘතව තිබෙනවාද කියා සොයා බලන්න. මොකද ඔබ ගොඩක් busy කෙනෙක් නම් වාහනය service කිරීමේදී එය වැදගත් වෙන්න පුලුවන්.

Pick-up සහ delivery පහසුකම

ඔබ busy පුද්ගලයෙක් නම්, මෝටර් රථය service center එකට රැගෙන යාමට කාලය වෙන් කරන්න බැරි නම් මේ pick-up සහ delivery පහසුකම ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ඔබට පුලුවන් service station එකත් එක්ක කතා කරගෙන Pick-up සහ delivery පහසුකම ලබා ගන්න. එතකොට service station එකෙන් පැමිණ වාහනය service කිරීමෙන් පසු ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ගෙනවිත් දීම සිදු කරනවා. හැබැයි මෙසේ කිරීමේදී යම් අමතර මුදලක් වැය වෙනවා වගේම ඔබේ වාහනයේ ආරක්ෂාව පිළිබඳවත් ඔබ සැළකිලිමත් වීම අත්‍යාවශ්‍යයි.

ඉතින් මේ දේවල් තමයි ඔබ Service center එකක් තෝරා ගැනීමේදී සළකා බලන්නම ඕනේ දේවල්. විශ්වාසවන්ත, සුහද කාර්ය මණ්ඩලයක් ඉන්නවා නම් ඔබට කිසිදු බියකින් තොරව වාහනය service කිරීම සඳහා ලබා දෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා අදින් පස්සේ ආවට ගියාට service center එකක් තෝරාගන්නේ නැතුව MotorGuide අපි කිව්ව කරුණු ගැනත් අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!