Engine එක හරියටම පරිස්සම් කරගන්නේ මෙහෙමයි

Nipuna Marasinghe
time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් තියෙන ඔබ, ඒ වාහනේ පරිස්සම් කරන්න එක එක දේවල් කරනවා. එහෙම පරිස්සම් කරන වාහනයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන සියලුම power එක ලබා දෙන Engine එක පරිස්සම් කරන්නේ කොහොමද? සමහර විට, ඔබ Engine එක පරිස්සම් කර ගන්න එක එක දේවල් කරලා ඇති. ඒත් ඒ හරිම විදිහද? එහෙනම් කොහොමද හරියටම Engine එකක් පරිස්සම් කර ගන්නේ? අන්න ඒ ගැන තමයි MotorGuide අපි අද ඔබට කියන්නේ.

නියමිත කාල පරාසයන් තුළ Engine oil වෙනස් කරන්න

වාහනයේ Engine එක පරිස්සම් කරන්න, ඔබට කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි, නියමිත කාල පරාසයන් තුළ Engine oil වෙනස් කරන එක. Engine oil මඟින් වාහනයේ තියෙන සියලුම moving parts හොඳින් lubricate කරනවා. එමඟින් මේ කොටස් ගෙවෙන එක අවම වෙනවා. ඒ වගේම moving parts දූවිලි වැදිලා, අපිරිසිදු වෙන එකත් වළක්වනවා.

ඒ නිසා, හැම මාසයකම oil level එක පරීක්ෂා කරලා, oil අඩුයි නම්, පුරවන්න. Oil grade එක සහ oil වෙනස් කරන කාල සීමාවන්, manufacturer ගේ recommendation වලට යටත් වෙනවා.
මෙතනදි oil filter එකත් මේ හා සමානව වැදගත් වෙනවා. මොකද oil වල තියෙන සියලුම අපද්‍රව්‍ය filter කරන්න වගේම, Engine එක තුළට regulate කරන එක වළක්වන්නත් උදව් වෙන නිසා. මේක ඔබේ වාහනයේ Engine එකේ පරිස්සම තහවුරු කරනවා.

Cooling system එක පරීක්ෂා කරන්න

Engine එකේ efficiency එක කොච්චර හොඳ වුණත්, heat එක විදිහට දහනය කරනකොට, ලොකු energy එකක් අහිමි වෙනවා. වාහනයේ Engine එක හදලා තියෙන ලෝහ සහ මිශ්‍ර ලෝහ, heat එකට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා, heat එක dissipation කරන්න ඕනේ. ඒකට, reservoir tank එකේ ප්‍රමාණවත් coolant එකක් තියෙන බවට ඔබ හැම වෙලාවෙම සහතික වෙන්න ඕනේ. හොඳට අව්ව පායලා තියෙන දවසක නම්, Engine එකේ temperature gauge එක බලලා, Engine එක overheat වෙන්න ළඟයි නම්, වාහනය වහලා තියන්න.

Fluid leak වෙනවද බලන්න

වාහනය නවත්වලා තියෙන තැන fluid leak වෙලාද කියලා බලන්න. Fluid leak එකක් තියෙනවා නම්, ළඟම ඉන්න mechanic කෙනෙක් වෙත ගිහින්, ඒක පරීක්ෂා කර ගන්න. ඒ විදිහට leak එකක් දකින්න නැත්නම්, hood එක යටත් පරීක්ෂා කරලා smell එකෙන් වුණත් leak එකක් තියෙනවද කියලා දැන ගන්න පුළුවන්. ඒ වගේම leak එක පරීක්ෂා කරනකොට, ඔබ අවධානය දෙන්න ඕනේ, Engile oil සහ antifreeze කියන fluid වලට.

Engine belts පරීක්ෂා කරන්න

Engine එකක් වැඩ කරනකොට, හැම දෙයක්ම සුමටව තියාගන්න, Engine එකේ තියෙන belts ඕන වෙනවා. Hood එක යටින් squeal sound එකක් ඇහෙනවා නම්, මේ belts replace කරන්න කාලෙ හරි. ඔබේ වාහනයේ Engine belts ලොකු කාලයක් පැවතුණත්, ඒ belts වල cracks සලකුණු තියෙනවද කියලා පරීක්ෂා කරන්න ඕනේ. මොකද Engine එක වැඩ කරනකොට, belts කැඩුණොත්, ඒක Engine components වලට ලොකු damage එකක් ඇති කරනවා.

Fuel filter එක replace කරන්න

Fuel filter එක මඟින්, fuel වල තියෙන අපද්‍රව්‍ය filter කරනවා වගේම, ඒවා combustion chamber එකට ඇතුල් වෙන එකත් වළක්වනවා. අලුත් filter එකක් මඟින්, fuel pump එකට සහ Engine එකට පිරිසිදු කරපු fuel ලබා දෙනවා. මේ මඟින් වාහනයේ Engine එක පරිස්සම් කර ගන්න පුළුවන්.

සමහර විට, ඔබ වෙන වෙන ක්‍රම වලට Engine එක පරිස්සම් කරන්න try කරලා ඇති. හැබැයි අපි අද කියපු විදිහට තමයි, වාහනයක Engine එක හරියටම පරිස්සම් කර ගන්නේ. ඉතින් ඔබත් මේ විදිහට try කරලා, වාහනයේ Engine එක පරිස්සමෙන් බලා ගන්න.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!