ඔබ දැනගත යුතුම vehicle maintenance tips

Nipuna Marasinghe
time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද වාහනයක් ගන්න අපිට ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. ඒ නිසා වාහනයක් ගන්න කලින් අපි එක පාරක් නෙමෙයි සිය දහස් වතාවක් හිතන්න ඕනේ. ඊළඟ දේ තමයි වාහනයක් කියන්නේ ලොකු වගකීමක්. මොකද වාහනයක් ගත්තට මදි අපි ඒක හරියට maintain කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ වාහනය නිකන්ම ලෙඩ වෙන එක. ඉතින් ඒ නිසා වාහන වලට ආදරේ කරන ඔයාට MotorGuide අපි කියන්න හදන්නේ ඔබ දැනගත යුතුම vehicle maintenance tips කිහිපයක් ගැන.

1. Spare tire එක පරීක්ෂා කරන්න

වාහනයක් maintain කරනකොට ගොඩක් අමතක වෙන දෙයක් තමයි spare tire එක. ඔබේ වාහනයේ නිතරම backup tire එකක් තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම backup tire එක ගැන හොඳ අවධානයක් දෙන්නත් ඕනේ. මොකද හදිසි අවස්ථාවකදී backup tire එක අවශ්‍ය වෙන විට එහිත් යම්කිසි දෝෂයක් තිබුණොත් ඔබට අමතර වියදමක් දරා tow truck එකක් ලබා ගන්න වෙනවා. ඉතින් ඒ නිසා අවම වශයෙන් මසකට වරක්වත් ඔබේ වාහනයේ ටයර් වල සහ backup tire එකේ වායු පීඩනය පරීක්ෂා කරන්න අමතක කරන්න එපා.

2. Oil මාරු කරන්න

නිසි කාලයේදී oil මාරු කරන එක මඟ හැරියොත් ඒක ඔබේ purse එකට බලපානවද? ඔව් ඇත්තටම එමඟින් ලොකු බලපෑමක් වෙනවා. මොකද වාහනක oil කියන්නේ වාහනයේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍යම දෙයක්. ඉතින් ඒ නිසා oil පිළිබඳව යම්කිසි ගැටලුවක් ඇති වුණොත් ඒ ප්‍රශ්නය විසඳා ගන්න ලොකු මුදලක් වැය වෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා නිසි කාල සීමාවේදී oil සහ filter මාරු කරන්න අමතක කරන්න එපා. මෙම නඩත්තුව සෑම සැතපුම් 5,000 කට වරක් හෝ ඔබේ මෝටර් රථ නිෂ්පාදකයාගේ නිර්දේශ මත සිදු කරන්න.

3. Battery එක පිරිසිදුව තබා ගන්න

කාලයක් යනකොට ඔබේ මෝටර් රථයේ battery එකේ terminals වල සුදු හෝ නිල් පැහැති කුඩු වගේ විඛාදනයක් හැදෙන්න පුලුවන්. ඉතින් මේ දේවල් හරියට පිරිසිදු කළේ නැත්නම් battery එක crack වෙන්න වගේම ක්‍රියා විරහිත වෙන්නත් පුලුවන්. ඉතින් ඒ නිසා නිතරම battery එක පිළිබඳව අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

4. Brake pads replace කරන්න

Brake කියන්නේ වාහනයකට අත්‍යවශ්‍යම දෙයක්. මොකද හදිසි අවස්ථාවකදී වාහනය නතර කරගන්න අපිට brake නැතුවම බැහැ. ඔබේ වාහනයේ තිරිංග පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ, drive කරන කොට ඔබට වගේම මගීන්ටත් නතුරක් සිදු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඔබේ වාහනයේ Break එක පාගනකොට සද්දයක් ඇහෙනවද? එහෙනම් අනිවාර්යයෙන්ම ඔබේ brake pads මාරු කරන්න ඕනේ කාල සීමාව ළං වෙලා තියෙන්නේ. Brake pads නියමිත තත්වයේ තියෙනවා නම් කිසිම අවස්ථාවක brake pads වලින් ශබ්දයක් නිකුත් වෙන්න බැහැ. ඉතින් නිතරම වාහනයේ brake pads පරීක්ෂා කරලා මේ තත්වය වළක්වා ගන්න පුලුවන්.

5. Cabin air filter replace කරන්න

Cabin air filter එක මඟින් වෙන්නේ වාහනය තුළට අපිරිසිදු වාතය පැමිණීම නතර කිරීමයි. මේක ගොඩක් වැදගත් කාර්යයක්. ඒ නිසා සම විටම ඔබේ වාහනයේ air filters ගැන සැළකිලිමත් වීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි පරණ cabin air filters දිගු කාලයක් භාවිතා කිරීම නිසා ඔබේ වාහනයේ air conditioning system එකටත් හානි සිදු වෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා සෑම මාස 12කට වරක් හෝ සැතපුම් 12,000කට වරක් ඔබේ cabin air filters වෙනස් කරන්න අමතක කරන්න එපා.

6. අලුත් windshield wipers වලට මාරු වෙන්න

Vehicle maintenance වලදී ගොඩක් අය අමතක කරන දෙයක් තමයි windshield wipers කියන්නේ. වාහනය ගත්ත දවසේ ඉඳලා අලුත් වාහනයකට මාරු වෙන තුරුම ගොඩක් අය පරණ windshield wipersම භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔබ හිතුවේ නැති වුණාට ඇත්තටම ඒක අනතුරු වලට අත වැනීමක් වෙන්න පුලුවන්. මොකද වැසි සහිත කාළගුණයක් තිබෙන විට පරණ windshield wipers හරිහැටි ක්‍රියා නොකරන්න වුණත් පුලුවන්. එවැනි අවස්ථා වලදී මාර්ගය පැහැදිලිව නොපෙනීම නිසා අනතුරු සිදු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

7. Shocks, springs සහ struts (suspension system) පරීක්ෂා කරන්න

Suspension system එක කියන්නේ ගොඩක් වෙලාවට ඔබට මග හැරෙන නමුත් මෝටර් රථයේ සංකීර්ණ කොටස් වලින් එකක්. ඔබේ මෝටර් රථය smooth ලෙස ගමන් කරන්න වගේම ගැස්සීම් සහ පැද්දීම් අඩු කිරීමට උපකාරී වෙන්නේ suspension system එකයි. ඉතින් ඒ නිසා සෑම සැතපුම් 15,000-30,000 කට වරක් shocks සහ සම්පූර්ණ suspension system එක පරීක්ෂා කරන්න අමතක කරන්න එපා.

ඉතින් මේ දේවල් තමයි ඔබ දැනගත යුතුම vehicle maintenance tips. ඔබත් ඔබේ වාහනයට ආදරෙයි නම් අනිවාර්යයෙන්ම MotorGuide අපි කිව්වා දේවල් පරීක්ෂා කරන්න අමතක කරන්න එපා.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!