වාහනයක නඩත්තු කළ යුතුම කොටස් (Maintenance Checklist)

Nipuna Marasinghe
time
මිනිත්තු 4 කියවීම
feature image

අපි වාහනයක් ගන්නේ දීර්ඝ කාලයක් භාවිතා කරන්න හිතාගෙන. හැබැයි හරියට වාහනේ නඩත්තු කළේ නැත්නම් පොඩි කාලයක් යද්දී විවිධ දෝෂ ඇති වෙන්න පුලුවන්. එතකොට වෙන්නේ ඒ දෝෂ හදාගන්න වාහනය ගත්තටත් වඩා ලොකු වියදමක් යන එක. හැබැයි ඔබට පුලුවන් නම් වාහනය නිරන්තරයෙන්ම පරික්ෂා කරන්න එතකොට දෝෂ ඇති වීම අවම කරගන්න පුලුවන්. ඒ නිසාම MotorGuide අපි අද ඔබව දැනුවත් කරන්නේ වාහනයක නඩත්තු කළ යුතුම කොටස් ගැනයි.

Oil සහ Coolant මට්ටම

සෑම මසකම හෝ සෑම gas fill-ups කිහිපයකටම වරක්ම Oil සහ Coolant මට්ටම පරීක්ෂා කරන්න ඕනේ. විශේෂයෙන් ඔබ road trip එකක් යෑමට අදහස් කරනවා නම් ඊට පෙර engine එක එන්ජිම සිසිල් වන විට Oil සහ Coolant මට්ටම අනිවාර්යයෙන්ම පරික්ෂා කරන්න. මොකද Oil සහ Coolant මට්ටම තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩුයි නම් engine එකේ ගැටළු ඇති වෙන්න පුලුවන්.

Air Filters

ඔබේ වාහනයේ air filter එක engine එකට හරියාකාරව වාතය ගලා යෑමට ඉඩ සලසන අතර කුණු දූවිලි අංශු ඉවත් කිරීමට උපකාරී වෙනවා. ඒ නිසා ඔබේ වාහනයේ air filter එක නිසියාකාරව ක්‍රියා කරනවා නම් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කරගන්න පුලුවන්. ඒ වගේම නිවැරදිව ක්‍රියා කරන air filters නිසා engine එකේ ආයු කාලයත් වැඩි කරගන්න පුලුවන්. ඒ නිසා නිතරම air filters ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

Tire pressure එක සහ tread depth එක

වාහනයකට ටයර් කියන්නේ අත්‍යාවශ්‍යම දෙයක්. මොකද මුළු වාහනේම බර දරාගෙන ඉන්නේ ටයර්. ඒ නිසා අපි නිතරම වාහනයේ Tire pressure එක සහ tread depth එක පරීක්ෂා කරන්න ඕනේ. ටයර් හොඳින් නඩත්තු කිරීම ආරක්ෂිත ගමනකට වගේම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයකට හේතු වෙනවා. ඉතින් ඒ නිසා ඔබේ වාහනයේ ටයර් නිතරම ඇස් මට්ටමින් පරීක්ෂා කරන්න. ඒ වගේම තමයි සෑම මසකම ටයර්වල පීඩනය පරීක්ෂා කරන්නත් අමතක කරන්න එපා.

Headlights, Turn singles, break lights සහ parking lights

ඔබේ වාහනයේ සියලුම lights නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා දැයි පරීක්ෂා කිරීම ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා මසකට වරක් අනිවාර්යෙන්ම Headlights, Turn singles, break lights සහ parking lights පරීක්ෂා කරන්න.

Oil සහ Filters

වාහනයක engine එක නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න නම් engine oil නිසි පරිදි තිබීම අනිවාර්යයි. Engine එකේ ඇති කොටස් අතර ඝර්ෂණය අඩු කිරීම, engine එක සිසිල් කිරීම සහ විඛාදන පාලනය කිරීම වගේ කටයුතු ගොඩක් engine oil හරහා සිදු වෙනවා. ඒ නිසා engine oil මට්ටම ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම ඔබ භාවිතා කරන engine oil වර්ගයට අනුව නියමිත කාලයේදී oil filters මාරු කරන්නත් අමතක කරන්න එපා.

Wax කරන්න

වාහනය wash කළාට පස්සේ අනිවාර්යෙන්ම wax කරන්න අමතක කරන්න එපා. මොකද wax එකට පුලුවන් ඔබේ වාහනයේ shine එක වැඩි කරන්න වගේම paint එකත් හොඳ තත්වයේ පවත්වා ගන්න. ඒ විතරක් නෙමෙයි wax කිරීම නිසා මලකඩ ඇතිවීමේ අවස්ථාව අඩු කිරීම, දූවිලි, වැලි සහ ලුණු වැනි දේවල් නිසා ඇති වෙන හානියත් අවම වෙනවා.

Transmission fluid පරීක්ෂාව

Engine oil වගේම transmission fluid කියන්නෙත් ලිහිසි තෙල් වර්ගයක්. එමඟින් වාහනයේ චලනය වන සියලුම කොටස් නිසි ලෙස ක්‍රියාත්මක වීමට උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා වාහනය රැකගන්න නම් transmission fluid පරීක්ෂාව අත්‍යාවශ්‍ය වෙනවා.

Transfer case fluid පරීක්ෂාව

සියලුම වාහනවල transfer case එක කියන්නේ transmission එකේ සිට axles එක වෙත බලය මාරු කිරීමයි. ඉතින් vehicle manufacturer recommendations වලට අනුව transfer case fluid නිසියාකාරව පුරවා තිබීම සහ කාන්දු නොවීම සහතික කර ගන්න ඕනේ. මේ පරීක්ෂාව මෝටර් රථ කාර්මිකයෙක් හරහා ඔබට සිදු කරගන්න පුලුවන්.

Shocks සහ struts පරීක්ෂා කරන්න

වාහනයක් මාර්ගයේ ගැටිති හරහා ගමන් කරන විට ඇති වන බලපෑම පාලනය කිරීමට සිදු වන්නේ shocks සහ struts හරහායි. මෙය auto’s steering system එකේ අත්‍යාවශ්‍ය අංගයක්. ඒ නිසා සාමාන්‍යයෙන් සෑම සැතපුම් 50, 000 කට වරක් මෝටර් රථ කාර්මිකයෙක් ලවා shocks සහ struts පරීක්ෂා කරන්න ඕනේ.

Battery performance

Battery එක කියන්නේ වාහනයකට ගොඩක් වැදගත් වෙන අංගයක්. මෝටර් රථ battery එකක් මඟින් වාහනය start කරන්න, engine එකට වගේම අනෙකුත් electronic accessories සඳහා විශාල විදුලි ධාරාවක් සපයනවා. හැබැයි අධික උෂ්ණත්වය බැටරියේ ක්‍රියාකාරීත්වයට බලපානවා. ඒ නිසා නිතිපතා battery එක පරීක්ෂා කරන එකත් අනිවාර්යෙන්ම කරන්න ඕනේ.

ටයර් වෙනස් කරන්න

නිතර භාවිතා කරන ඕනෙම දෙයක් කාලයක් යනකොට ගෙවීමකට ලක් වෙනවා. වාහනයක ටයර් වලටත් මේ දේ අදාළයි. ඔබ වාහනය භාවිතා කරන ආකාරය අනුව තමයි ටයර් වල ගෙවීම තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා අවශ්‍ය විටදී ටයර් මාරු කරන්න පුරුදු වෙන්න. ඒක ඔබේ ආරක්ෂාවට වගේම වාහනයේ ආරක්ෂාවටත් ගොඩක් හොඳයි.

ඉතින් මේ තමයි මෝටර් රථයක අපි අනිවාර්යෙන්ම නිතරම පරික්ෂා කරන්න ඕනේ දේවල්. ඔබට මේ පරීක්ෂාවන් නිවසේදීම තනියම කරන්නත් හැකියාව තියෙනවා. ඕනම වාහනයක් නිවැරදිව නඩත්තු කරනවා නම් දෝෂ ඇති වීම බොහෝ දුරට අඩු වෙනවා. ඒක ඔබේ වාහනයට වගේම purse එකටත් ගොඩක් හොඳ දෙයක්. ඒ නිසා MotorGuide අපි කිව්ව විදිහට ඔබේ වාහනයත් නඩත්තු කරන්න අමතක කරන්න එපා.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!