නිසියාකාරව වාහනය service කිරීමේ වාසි

Nipuna Marasinghe
time
මිනිත්තු 3 කියවීම
feature image

හැමෝම කැමතියි තමන්ගේ වාහනය අලුතින් ගත්තා වගේම හැමදාම තියාගන්න. ඉතින් ඔයාගේ වාහනය හොඳ තත්වයේම තියාගන්න ඕනේ නම් නිසි ලෙස service කටයුතු කරන්න ඕනේ. හැම වාහනයක්ම හරිම වෙලාවට service කිරීම අවශ්‍යයි. ඉතින් service කිරීම ගැන ඔයා සැළකිලිමත් වුණොත් ඔයාට අධික මුදලක් වියදම් කරන්න වෙන්නෙත් නැහැ. ඉතින් අද MotorGuide අපි කියන්නේ නිසියාකාරව වාහනය service කිරීමේ වාසි මොනවද කියලා.

ආරක්ෂාව වැඩි කරනවා

ඔයා වාහනයක් නිසි ලෙස නඩත්තු කරන්න අවශ්‍ය වෙන වැදගත්ම කාරණය තමයි ආරක්ෂාව. මොකද ඔයා වාහනය service කරනකොට mechanic විසින් වාහනයේ සියලුම කොටස් check කරනවා. ඒ වගේම ගැටලු තියෙනවා නම් කලින් හොයලා බලලා ඒවා නිවැරදි කරනවා. ඉතින් ඔයා වාහනය service කරන එකෙන් කලින්ම වාහනයේ ගැටලු අඳුරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකෙන් ඔයාට වාහනය ආරක්ෂිතව drive කරන්න පුළුවන්.

Running cost එක අඩු කිරීම

ඔයා වාහනය නිසියාකාරව service කිරීමෙන් හා හරිම වෙලාවේදී fluid සහ filter වෙනස් කිරීමෙන් ඔයාට වාහනය smoothly drive කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාගේ engine එකේ ගැටලු ඇති වෙන්න තියෙන හැකියාවත් ගොඩක් අඩුයි. ඒ විතරක් නෙමෙයි නිසි ලෙස service කරන වාහනයක fuel efficiency වැඩියි.

වාහනයේ value එක වැඩි වෙනවා

ඔයා වාහනයේ වටිනාකම ගැන සැළකිලිමත් වෙනවා නම් සහ ඉස්සරහටත් වාහනය නිසි ලෙස තියාගන්න අවශ්‍ය නම්, හරි වෙලාවට වාහනය service කරන එක වැදගත්. ඉතින් ඔයා නිසි ලෙස වාහනය service කරනවා කියන්නේ වාහනය ගොඩක් කල් කිසිම ගැටලුවක් නැතුව තියාගන්න පුළුවන් වෙනවා කියන එක. ඒ වගේම හොඳට service කරපු වාහනයක් හා කාලයක් තිස්සේ හරියට service නොකරපු වාහනයක් අතර වෙනස ඉක්මනට අඳුනගන්නත් පුළුවන්.

Breakdowns අඩු වෙනවා

වාහනය නිසි ලෙස service කිරීමේ තවත් වාසියක් වෙන්නේ ඔයාගේ වාහනයේ breakdowns අඩු වෙන එක. ඔයා හරියටම වාහනය service කරනවා නම් වාහනයේ දෝෂ ඇති වෙන එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. වාහනය අතර මඟ නැවතිලා වගේ කිසිම අපහසුතාවයකට ඔයාට ලක් වෙන්න වෙන්නෙත් නැහැ. ඔයාට පහසුවෙන් drive කරන්න පුළුවන් වෙනවා.

වාහනයේ ආයු කාලය වැඩි වෙනවා

වාහනයක් නිසිලෙස service කරන්නේ නැහැ කියන්නේ ඒ වාහනයේ ආයු කාලය ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒත් ඔයා හරි වෙලාවට ඔයාගේ වාහනය service කරනවා කියන්නේ වාහනය හොඳ තත්වයේ ගොඩක් කල් තියාගන්නත් පුළුවන් වෙනවා වගේම වාහනයේ වටිනාකමත් වැඩි වෙනවා. ඒ වගේම නිසි ලෙස service කිරීමෙන් ඔයාට අලුත්වැඩියා කරන්න වෙන මුදල් ඉතිරි කරගන්නත් පුළුවන් වෙනවා.

Performance වැඩි කරනවා

හරිම වෙලාවේදී වාහනය service කිරීම මඟින් වාහනයේ performance වැඩි වෙනවා. Tires check කිරීම, oil change කිරීම, air සහ cabin filters replace කිරීම වැනි service කටයුතු වලින් ඔයාගේ වාහනයේ performance වැඩි දියුණු කරනවා. වාහනයෙන් හොඳ performance එකක් ඔයත් බලාපොරොත්තු වෙනවා නම් service කටයුතු නිසිලෙස කරන්න මතක තියාගන්න.

මේ දේවල් තමයි ඔයා නිසියාකාරව වාහනය service කිරීමේ වාසි. දැන් ඔයාටත් පුළුවන් මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා ඔයාගේ වාහනයත් ගත්තා වගේම අලුත් පෙනුමට තියාගන්න ඕනේ නම් හරි වෙලාවට service කටයුතු කරන්න.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!